10 August 2013
09 August 2013
පනා පුත්‍ර සමග හෝරාවක්
රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් ජ්යෙෂ්ටය දක්වාත් දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වාත් උගත් ලූෂන් බුලත්සිංහල කරළියට ගොඩ වුයේ පැටි වියේදීමයි.
ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධි අධ්‍යයන කටයුතු නිම කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේ.
1960 දී එල් එල් කේ ගුණතුංගයන් අධ්‍යක්ෂණය කළ අශෝක මාලා ගීත නාටකයේ සාලිය කුමාර චරිතයට පණ දෙමිනුයි බුලත්සිංහලයන් කොළඹ ලුම්බිණි රඟහලෙන් දොරට වැඩියේ.
සිය මුල්ම වේදිකා නාට්‍යය 'මන්නඩියා' 1961 දී රඟගත කළ ලුෂන් බුලත්සිංහල නිමැවූ 'රතු හැට්ටකාරි' 1974 හොඳම නාට්‍යය ඇතුළු සම්මාන කිහිපයක්ම දිනා ගත්තේයි.
අද පනා පුත්‍ර සමග හෝරාවක් කලේ මම.(උදේ 8.00 - 9.00 වෙළඳ සේවයෙන් )එහි පනා පුත්‍ර (ජැක්සන් ඇන්තනි) අද කතා කලේ ලුෂන් බුලත්සිංහල නම්වූ ගෙය පද රචකයා ගැන ඔහු ඇති විශිෂ්ට ලෙස රුප රචකයෙක් ලෙස වැඩසටහන ඉදිරිපත් කළා ඔහු ගැන මේ විස්තර bbc යෙන්
1966 රාජ්‍ය නාට්‍ය උළෙලේ ආරාධිත නාට්‍යය ලෙස කැඳවනු ලැබුයේ 1964 දී අවසාන වටයෙන් ඉවත් කැරුණු ලුෂන් ගේ 'නොනිවෙන ගිනි' රංග කාරියයි.
කරළිය, සිනමාව, ටෙලි නාට්‍යය මතු නොව ගුවන් විදුලියද සිය නිර්මාණ දායකත්වයෙන් ඔපවත් කොට ඇති ලූෂන් බුලත්සිංහල අධ්‍යක්ෂණය කළ 'තාරාදේවී' ටෙලි නාට්‍යය 1987 විජය රුපවාහිනි උළෙලේ සම්මාන එකොළහෙන් නවයක්ම දිනා ගන්නට සමත් වී.
මහා සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් ගේ 'දොරමඩලාව' හා 'සොඳුර වර්ණදාසි' ඔපෙරා ද්වයේ පෙළ සැකසුවේත් ගීත රචනය සඳහා පිදෙන ඉහළම සම්මාන කීපයක්ම හිමි කොටගෙන සිටින බුලත්සිංහලයන්. ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ධූරයත් හෙබැවූවෙක් ලූෂන් බුලත්සිංහල.
සිව් දශකයකට ආසන්න කලෙක පටන් සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ලේඛන කාරියේ නියැලෙන තිරංජනී සුනේත්‍රා රාජකරුණානායක, සම්මානලාභී ලේඛිකාවක්, නවකතාකාරියක්, පරිවර්තිකාවක්, මාධ්‍යවේදිනියක්, තීරු ලිපි රචිකාවක්.
1987 වසරේ හොඳ ම නවකතාව වෙනුවෙන් ප්රදානය කෙරෙන ඩී. ආර්. විජයවර්ධන සම්මානයෙහි අවසන් වටය සඳහා නිර්දේශිත කෘති අතර වූ 'සඳුන්ගිර ගිනි ගනියි' පොතක් වශයෙන් පළ වූ ඇගේ මුල් ම නවකතාවයි.
නවකතාකාරියක ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මානය, බෞද්ධ සාහිත්‍ය සම්මානය සහ ස්වර්ණ පුස්තක සම්මාන ද දිනා ඇති සුනේත්‍රා රාජකරුණානායක 'බුද්ධදාසි' ලියා පළ කළේ 2010 දී.
ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධි අධ්‍යයන කටයුතු නිම කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේ.
1960 දී එල් එල් කේ ගුණතුංගයන් අධ්‍යක්ෂණය කළ අශෝක මාලා ගීත නාටකයේ සාලිය කුමාර චරිතයට පණ දෙමිනුයි බුලත්සිංහලයන් කොළඹ ලුම්බිණි රඟහලෙන් දොරට වැඩියේ.
සිය මුල්ම වේදිකා නාට්‍යය 'මන්නඩියා' 1961 දී රඟගත කළ ලුෂන් බුලත්සිංහල නිමැවූ 'රතු හැට්ටකාරි' 1974 හොඳම නාට්‍යය ඇතුළු සම්මාන කිහිපයක්ම දිනා ගත්තේයි.
1966 රාජ්‍ය නාට්‍ය උළෙලේ ආරාධිත නාට්‍යය ලෙස කැඳවනු ලැබුයේ 1964 දී අවසාන වටයෙන් ඉවත් කැරුණු ලුෂන් ගේ 'නොනිවෙන ගිනි' රංග කාරියයි.
කරළිය, සිනමාව, ටෙලි නාට්‍යය මතු නොව ගුවන් විදුලියද සිය නිර්මාණ දායකත්වයෙන් ඔපවත් කොට ඇති ලූෂන් බුලත්සිංහල අධ්‍යක්ෂණය කළ 'තාරාදේවී' ටෙලි නාට්‍යය 1987 විජය රුපවාහිනි උළෙලේ සම්මාන එකොළහෙන් නවයක්ම දිනා ගන්නට සමත් වී.
මහා සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් ගේ 'දොරමඩලාව' හා 'සොඳුර වර්ණදාසි' ඔපෙරා ද්වයේ පෙළ සැකසුවේත් ගීත රචනය සඳහා පිදෙන ඉහළම සම්මාන කීපයක්ම හිමි කොටගෙන සිටින බුලත්සිංහලයන්. ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ධූරයත් හෙබැවූවෙක් ලූෂන් බුලත්සිංහල.
සිව් දශකයකට ආසන්න කලෙක පටන් සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ලේඛන කාරියේ නියැලෙන තිරංජනී සුනේත්‍රා රාජකරුණානායක, සම්මානලාභී ලේඛිකාවක්, නවකතාකාරියක්, පරිවර්තිකාවක්, මාධ්‍යවේදිනියක්, තීරු ලිපි රචිකාවක්.
1987 වසරේ හොඳ ම නවකතාව වෙනුවෙන් ප්රදානය කෙරෙන ඩී. ආර්. විජයවර්ධන සම්මානයෙහි අවසන් වටය සඳහා නිර්දේශිත කෘති අතර වූ 'සඳුන්ගිර ගිනි ගනියි' පොතක් වශයෙන් පළ වූ ඇගේ මුල් ම නවකතාවයි.
නවකතාකාරියක ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මානය, බෞද්ධ සාහිත්‍ය සම්මානය සහ ස්වර්ණ පුස්තක සම්මාන ද දිනා ඇති සුනේත්‍රා රාජකරුණානායක 'බුද්ධදාසි' ලියා පළ කළේ 2010 දී.
බෝපත් ඇල්ල - Bopathella
බෝපත් ඇල්ල පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්රදේශයේය. මුලින් වැඩිදෙනෙකුගෙ අවධානයට ලක් නොවුනත් වර්තමනය වෙනවිට මෙම ස්ථානය විශාල සංචාරක පිරිසක් පැමිනෙන තැනක් බවට පත්ව තිබේ.බෝපත් ඇල්ල ගැන වැඩසටහනක් කරන්න හිතාගෙන ඉන්නවා වැඩිදුර විස්තර ගිහින් ඇවිත් කියන්නම්
රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පැමිණෙන විට කුරුවිට නගරය අසන්නයේ ඇති ප්‍රවේශ මාර්ග දෙකක් ඔස්සේ මෙම දිය ඇල්ල වෙතට පිවිසිය හැකිය. මේ මාර්ග අතරින් එක් මාර්ගයක් හිග්ගස්/හේන හන්දියෙනුත්, අනිත් මාර්ගය කුරුවිට පොලීසිය අසලිනුත් වැටී තිබේ. ඇල්ල වෙතට යාමට මේ කුමන මාර්ග භාවිත කළද ඇත්තේ එක් හා සමාන දුරකි.
මේ ඉමේජය දිලංක බණ්ඩාරගෙන්

MY New Interface මගේ අතුරු මුහුණත
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියත් සමගම ජනප්‍රිය වූ මෙට්‍රෝ METRO නම් අතුරු මුහුණත මම මගේ බ්ලොග් එකට යොදා ගත්තා. මේක භාවිතය එතරම් පුහුණු වීම අපහසු නැති වගේම මෙහි වඩාත් ආකර්ශනියත්වය නිසාම මෙය මම යොදා ගන්න බැලුවේ. එසේම මෙය ස්පර්ශක සංවේදී තිරයක් සඳහා ඉතාම හොඳින් සහ පහසුවෙන් පරිහරණය කල හැකි වීම අනෙත් කරුණුයි මෙට්‍රෝ අත්දැකීම විඳින්න ඔබට මගේ බ්ලොග් අඩවිය හරහා ආරාධනා කරනවා
15 March 2013
my day මගේ දවස
අද අමුතුම දවසක් උදේම Drama එනකොට SLBC Diploma Course එකේ ළමයින්ගේ විසිරයාම.තිබුනේ Multy studio එකේ...balance එක පටන්ගත්තේ වාදන භාණ්ඩ වාදනය කරනකොටමයි මොනවා කරන්නද හරියටම 11.00 ට අපේ Drama බොස් ආවා මම චොන්සොලේ එකේ ඉන්නකොට තද උන බව මම දැක්ක " හා හා යමු යමු අද Drama 2ක් තියනවා"කියුවා එත් මම කොහොමද යන වැඩසටහනකින් නැගිටලා එනනේ එක අපේ රස්සාවට පටහැනි ඊට පස්සේ වලිය පටන් ගත්තා අන්තිමට controller ආවා අනේ මන්ද ඊට පස්සේ හවස බිල සැන්ටි ගේ මික්සින්ග් එක.හරිම මහන්සි හවස් වෙනකොට එත් රස්සාව නොකලොත්?
13 November 2012
English Announcers news audition.
කාලෙකින් බ්ලොග් ලියන්නේ එක එක වැඩ තිබුන.අද මම English Announcers news audition...මේ වගේ දේඅවල් වලට සහභාගී වෙන්න මේවගේ ආයතනයකින් ඉඩ ලැබෙන්නේ කලාතුරකින් එත් ඒ අවස්ථා සාමාන්‍ය යෙන් මට ලැබෙනවා news audition එකට අවේ 23 යි..බොහෝ මයක් news කියන අය එත් judge board එක කල දේවල් හරි ලියල මටත් දැනුන රෙපොර්ට් එක කොහොම උනත් අන්තිමට result එක හැමදා ම ටිකක් අමුතුයි... ඒක මේ ආයතන වල හැටි....
12 August 2012
අප සියලු දෙනා එතුමා හැඳිනුයේ කේමදාස මාස්ටර් යන අන්වර්ථ නාමයෙනි. ඔබ සමහරවිට classical music පැත්තට ආසනම් yanni කියන විශිෂ්ඨ සංගීතඥයාව දන්නවා ඇති. ඔහු විවිධ රටවල එක එක ජාති, ආගම් වල සංගීත ශිල්පීන් සමග එකමුතුව තම කලාකටයුතු, සංගීත ප්‍රසංග සිදුකරනවා. අපගේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීනුත් කාලභේද නොසලකා පැරණි පරපුරේ පිරිස සමග සේම නව පරපුරේ තරුණ පිරිස සමගද සහයෝගයෙන් කටයුතු කලා. ඒ නිසයි වත්මන් තරුණ පරපුරේ බොහෝ පිරිසක් එතුමන්ව ප්‍රියකරන්නේ. රටේ අවාසනාවට එතුමන් ඉක්මනම තම ජීවිතයෙන් සමුගෙන යාම ශ්‍රී ලාංකීය කලා ක්ශේත්‍රයට නිමකල නොහැකි පාඩුවක්. එතුමන්ගේ විශිෂ්ඨ සංගීතය සැපයූ වෙදහාමිනේ, අකාල සන්ධ්‍යා, දඬුබස්නාමානය, ඇල්ල ලඟ වළව්ව වැනි ටෙලි නාට්‍යයත් ගොළුහදවත, නිධානය, යස ඉසුරු,පූජා, තුන්වෙනි යාමය, බඹරු ඇවිත් වැනි බොහෝ චිත්‍රපටත් කවදාවත් අප මතකයෙන් ගිලිහෙන්නේ නෑ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් පිළිබඳව වඩාත් කරුණු දැන ගැනීමට විකිපීඩියා,නිදහස් විශ්වකෝෂයේ වූ කේමදාස මාස්ටර්ගේ සංක්ශිප්ත ජීවිත කතාව දැන් ඔබ හමුවේ මෙසේ තබන්නම්.

ප්‍රේමසිරි කේමදාස
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
කේමදාස මාස්ටර් නමින් සංගීත ක්ෂේත්රය දිග් විජය කළ ප්‍රේමසිරි කේමදාස (ජනවාරි 25, 1937 – ඔක්තෝබර් 24, 2008) වනාහි ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා යනුවෙන් හැඳින්වීම වරදක් නොවේ. ලොව පුරා පවතින විවිධ සංගීත ශෛලීන් ගවේශනය කිරීම තුළින් අනන්‍ය සංගීත ශෛලියක් බිහි කිරීම කේමදාසයන් ගේ වෑයම විය. හේ, සිංහල ජන සංගීතය ද, හින්දුස්ථානී සංගීතය ද, බටහිර සංගීතය ද, වෙනත් අනේකවිධ සංගීත දහරාවන් ද, අද්‍යතන යුගයට ඔබින අයුරින් සංයුක්ත කිරීමෙන් තම තනු රචනාවන් නිර්මාණය කළේ ය. ඔහුගෙන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට සිදු වූ සේවය ඇගයීමක් වශයෙන් පසුකාලීන ව රුහුණ විශ්වවිද්‍යාලය මගින් කේමදාස ශූරීන් හට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.
ළමා කාලය
තල්පිටිය, වාද්දූව නම් ගමෙහි දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස උපන් කේමදාස කෙරෙහි කුඩා කාලයේ දී කිසිවකුගේ අවධානය යොමු නොවූයේ ය. වයස අවුරුදු හයේ දී අන් සියළුම ළමුන් තම දෙමාපියන් සමග පාසලට ඇතුලත් වීමට ගියත් කේමදාස ගියේ තනිවම ය. දිළිඳුකම නිසාවෙන් ම කේමදාසගේ අධ්‍යාපනය කෙරෙහි පවුලේ කිසිවකුගෙන් සහයෝගයක් නොලැබුණි. ඔහුට වයස අවුරුදු හතේ දී ඔහුගේ පියා රා මැදීමට ගොස් සිටිය දී පොල් ගසකින් වැටී මිය ගියේ ය. අනතුරුව පවුලේ බර කරට ගැනීමට සිදු වූයේ කේමදාසගේ මව වූ ඇලන් පෙර්රා මහත්මියට යි. ඈ ගම්මුන් හට තම වැස්සියගෙන් ලැබෙන කිරි විකුණමින් පවුල නඩත්තු කළාය. කේමදාස ගේ වැඩිමහල් සොයුරිය පැදුරු සහ පන් මළු විවීමෙන් ආදායමක් ලැබුවාය. කේමදාස ලංකාවේ ඒ වන විට අඩු ම මිලකට මිලදී ගත හැකි ව තිබූ බටනලාවක් මිල දී ගෙන වාදනය පුහුණු වූවේ ය. පෙරේරා පවුලේ කිසිවකුට නොතිබෙන සංගීතමය හැකියාව හා ඇල්ම කේමදාසට උරුම වූයේ කෙසේද යන්න කිසිවකු දැන සිටියේ නැත.
කේමදාස පසු කාලයක සඳහන් කළ පරිදි ඔහුගේ ජීවිතය වෙනස් වූයේ ඔහු ශාන්ත ජෝන් විද්‍යාලයේ හය වන ශ්‍රේණියේ උගනිමින් සිටියදී ය. ඒ වන විට පන්තියේ දක්ෂතම සිසුවා වූ කේමදාසට ලැබීමට නියමිත ව තිබූ ද්විත්ව උසස්වීම නොලැබුණු කල ඔහු ඒ පිළීබඳ ව විමසීමට විදුහල්පතිවරයා හමු වූයේ ය. කේමදාසට සිදු වූයේ විදුහල්පතිතුමාගේ තැලුම් පහර කෑමට ය. ඔහුට හිමි ව තිබූ උසස් වීම ප්‍රදේශයේ ධනවත් දේශපාලඥයකුගේ දරුවකුට ලබා දී තිබිණ. එතැන් සිට ඉගෙනීමට තිබූ ඔහුගේ ඇල්ම ක්‍රමයෙන් අඩුවූ අතර බටනලා වාදනයට ඇති ආසාව දෙගුණ තෙගුණ විය.
කේමදාස සංගීතඥයකු වනු දැකීමට පවුලේ කිසිවකු අපේක්ෂා නොකළ අතර කේමදාස ගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඇතැම් විට ඔහුගේ බටනලා පුස්සා දමන්නට කටයුතු කළහ. කේමදාසගේ ප්‍රසිද්ධම කතාවක් වූයේ ඔහු පානදුර සිට කොළඹට දුම්රියේ බටනලා වාදනය කරමින් ගිය ආකාරය යි. දුම්රියේ ගමන් කරන වරායේ සේවකයන් පිනවීම වෙනුවෙන් ඔහුට සුළු මුදලක් ලැබිණ. කුඩා කේමදාස කිසිඳු දිනක දුම්රියේ යාමට ප්‍රවේශපත්‍ර නොගත්තේ ය. ටිකට් පරීක්ෂකවරුන් පැමිණි විට හිතවත් සේවකයන් කුඩා බටනලා වාදකයා ඔවුන්ගේ කිළිටි සරම් වලින් වසා ගෙන සඟවා ගත්හ.
ඔහුට පාසලේ ජ්‍යේෂ්ඨ සහතික පත්‍ර විභාගය පැවත්වීමට නියමිතව තිබුණු දිනයේ දී ම ලංකා ගුවන් විදුලි සේවයේ(රේඩියෝ සිලෝන්) සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට නියමිත ව තිබිණ. විභාගය නිම වීමට කාලය බොහෝ ඉතිරි ව තිබිය දී කුසලතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා හේ විභාග ශාලාවෙන් නික්ම ගියේ ය.
තනු රචකයෙක් වශයෙන්
සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කරමින් කේමදාස චිත්‍රපට සංගීත අධ්යක්ෂණයට පිවිසියේ ය. බඹරු ඇවිත් චිත්‍රපටය තුළින් ඔහු වන විට ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයට ආගන්තුක වූ අද්විතීය සංගීත ශෛලියක් හඳුන්වා දුන්නේ ය. අනතුරුව ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත සහ නිධානය වැනි චිත්‍රපටවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. චිත්‍රපට සංගීත අධ්යක්ෂකයකු වශයෙන් කේමදාස විචාරකයන්ගේ ප්රසංශාවට පාත්‍ර වූ අතර එතැන් සිට ඔහු කේමදාස මාස්ටර් යන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට විණ. චිත්‍රපටයේ රූප රාමු වලින් හැඟවෙන භාවයන් උද්දීපනය කිරීම උදෙසා බටහිර සම්භාව්‍ය සංගීතයේ භාවිතය, චිත්‍රපට සංගීතයේ කේමදාස සළකුණ සනිටුහන් කළේය. මොහුගේ සමහර නිර්මාණ වලට වුල්ෆ්ගැන්ග් ආමේඩියස් මෝසාර්ට් සහ ගයිසෙප් වර්ඩි වැනි බටහිර ඔපෙරා නිර්මාපකයන්ගේ නිර්මාණවල ආභාසය ලැබී ඇත.
ශ්‍රී ලාංකේය සිනමා සංගීතයට ඉන්දියානු ආභාසය ලැබ අනුකරණවලින් යැපෙමින් තිබූ යුගයක සිනමා සංගීතය ශ්‍රී ලාංකීකරණය කිරීම උදෙසා කේමදාස මහත් වෙහෙසක් දැරීය. ගොළු හදවත චිත්‍රපටය සඳහා කේමදාස නිර්මාණය කළ සංගීතය සිංහල සිනමා සංගීතයේ මහත් පෙරලියක් ඇති කිරීමට සමත් විය. පසු කාලීන ව ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා , ජයන්ත චන්ද්‍රසිරි ගේ අග්නිදාහය චිත්‍රපටයට ත්, සිනමා ක්ෂේත්රයෙන් තම සමුගැනීම සනිටුහන් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කරන ලද අම්මාවරුණේ චිත්‍රපටයට ත්, සංගීත නිර්මාණයෙන් දායක වූවේය. හංසවිලක්, තුන්වෙනි යාමය, පාර දිගේ සහ යස ඉසුරු වැනි චිත්‍රපට සඳහා ප්‍රේමසිරි කේමදාස ශූරීන් විසින් රචිත සංගීතය ඔහු ඒ වන විට ත් සිනමා ක්ෂේත්රය තුළ ලබා තිබූ ප්‍රසාදය ඉහළ නංවන්නට සමත් විය. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත දී නිශ්පාදනය වූ දහසක් මල් චිත්‍රපටයට ද සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. ඔහු අවසාන වශයෙන් දායක වූ චිත්‍රපට ලෙස සනත් ගුණතිලක ගේ එකමත් එක රටක සහ සිරිතුංග පෙරේරා ගේ කණ්‍යාවී හැඳින්විය හැක.
ටෙලිනාට්‍ය සංගීතයට කේමදාස ශූරීන්ගෙන් ලැබුණු දායකත්වය තුළින් ශ්‍රී ලාංකේය සංගීතයට තවත් අග්‍රගණ්‍ය කලාකෘති රැසක් උරුම විය. දක්ෂ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි මහතා ගේ නිර්මාණ තුළින් කේමදාස ශූරීන් ගේ අමරණීය සංගීත නිර්මාණ රැසක් බිහි විය. දඬුබස්නාමානය ටෙලි වෘතාන්තය සඳහා කේමදාසයන් නිර්මාණය කළ පෙර නොඇසූ විරූ සංගීතය, ප්‍රේක්ෂකයන් වශීකෘත කිරීමට සමත් විය. මේ ඉන්ද්රජාලිත ගාන්ධර්වයා දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ අතර වන ජයන්ත චන්ද්‍රසිරි ගේ වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, සතර දෙනෙක් සෙන්පතියෝ, ධර්මසේන පතිරාජ ගේ ගඟුලෙන් එගොඩට, ඇල්ල ළඟ වළව්ව, පුර සක්මන සහ බන්දුල විතානගේ ගේ අසල්වැසියෝ වැනි ටෙලි නාට්‍ය, ප්‍රේක්ෂකයන් හට කිසිදා අමතක නොවන සංගීතමය අත්දැකීම් ලබා දෙන්නට සමත් විය. ඔහු අවසාන වශයෙනසෙංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ටෙලිනාට්‍යය ලෙස දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ සදිසි තරණය හැඳින්විය හැක.
කේමදාස ජයන්ත චන්ද්‍රසිරි ගේ මෝරා, අත් සහ ධර්මසිරි බණ්ඩාරනායක ගේ මකරාක්ෂය, ධවල භීෂණ යන වේදිකා නාට්‍යවලට ද, දායක වූවේ ය.
ඔහු විසින් රචනා කරන ලද සංධ්වනි අතර මුහුද, මගේ කාලේ මව්නි සහ සිංහල අවුරුද්ද වෙයි. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමේ අවස්ථාව පාදක කොට ගෙන ඔහු විසින් නිර්මාණය කරන ලද පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව විශ්ව සංගීතය තුළ හමුවන එකම බෞදිධ කැන්ටාටාව ලෙස හැඳින්විය හැක. එම සුමධුර නිර්මාණය කේමදාස ශුරීන්ගේ අවමඟුල් උත්සවයේ දී කේමදාස පදනමේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලදී.
කේමදාසගේ සංගීත නිර්මාණ තුළ දක්නට ලැබෙන ඔපෙරාමය සහ ප්‍රසංවාදී ගායනයන්, ඔපෙරා සහ හාමනි (ප්රසංවාද) පිළිබඳ ව ඔහුගේ වූ පෘථුල දැනුම විදහාපායි. ඔහුගේ ජීවිත කාලය තුළ ගායනයෙහි සහ වාදනයෙහි ලා විවිධ අත්හදාබැලීම් කිරීමට කේමදාස පසුබට නොවූයේ ය. එකිනෙකට නොගැලපෙන රිද්ම රටා, අතිශය විප්ලවකාරී වූ ප්රසංවාදයන් සහ සිතාරය වැනි සංගීත භාණ්ඩ වාදනයෙහිලා නැවුම් ශිල්ප ක්‍රම භාවිත කිරීම් ඔහුගේ සංගීත නිර්මාණ තුළ නොඅඩුව දක්නට ලැබේ.
ශ්‍රී ලාංකේය සංගීතඥයන් අතර ඔපෙරා ශෛලිය ප්‍රගුණ කළ සහ නිර්මාණය කළ එකම සංගීතඥයා ලෙස කේමදාස හැඳින්විය හැක. ගම්බද ප්‍රදේශවලින් පැමිණ කේමදාසයන්ගෙන් සංගීතය හදාරා පුහුණුව ලැබ ඔහුගේ ඔපෙරාවන්හි රඟ දක්වන දක්ෂ ශිෂ්‍ය පරපුරක් ඔහු සතුව සිටියේ ය. මානසවිල, දොරමඩලාව සහ සොඳුරු වර්ණදාසි කේමදාස ගේ ඔපෙරා අතර වෙයි. අවසාන වශයෙන් ඔහු නිර්මාණය කළ අග්නි ඔපෙරාව පුරාණ ශිෂ්ඨාචාරය පිළිබඳ ව නිර්මාණය වූවකි. ඔහුගේ ඔපෙරා සියල්ලම සිංහල භාෂාවෙන් ලියැවී ඇති බැවින් ඒවා සිංහල ඔපෙරා ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔපෙරා සංගීතයේ මර්මස්ථානය ලෙස හැඳින්විය හැකි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් හි පවා ඔපෙරා රඟ දැක්වීමට කේමදාස ඇතුළු කණ්ඩායමට අවස්ථාව උදාවී ඇත. ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාස සළකුණ ඉදිරියට ගෙන යාම උදෙසා වර්තමානයේ කේමදාස පදනමේ සිසු සිසුවියෝ ක්‍රියා කරති. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර වැන්නවුන් කේමදාසගේ ගුරුහරුකම් තුළින් සංගීත ක්ෂේත්රයට පැමිණියවුන් ය.
හැත්තෑවන වියෙහිදී සිදු කරන ලද වකුගඩු බද්ධකිරීමේ ශල්‍යකර්මයෙන් අනතුරුව ද ශ්‍රී ලාංකේය සංගීතයේ අනාගාතය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇති ව කේමදාස ශූරීහු නැවත සංගීත ක්ෂේත්රයට පිළිපන්නේ ය. මාස්ටර්, 2008 ඔක්තෝබර් 24 වන දා රාජ්‍ය ගෞරව සහිත ව දැයෙන් සමුගන්නා විට 71 වන වියෙහි පසුවූවේ ය. එතැන් සිට ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාසයෙන්ගෙන් හිස් වුණු අඩුව පිරවීමට සමත් කිසිවකු බිහි නොවීම තුළින් ම ඔහුගේ විශිෂ්ඨත්වය මොනවට පැහැදිලි වෙයි.

Subscribe to:
Posts (Atom)
සරත් දසනායක 15 වන ගුණ සැමරුම
මා ඔහුව මුලින්ම දුටුවේ රුපවාහිනී කනිෂ්ට වාදක මණ්ඩල පරීක්ෂණයේදී ..ආනන්ද ගමගේ ගුරුතුමාත් හිටියා හැමෝම හිටියේ පෙරදිග වාදන භාණ්ඩ අරගෙන මම ...
-
9 වන සැමරුම *********** දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි ලාලිත රුසිර...
-
ගම්පෙරලිය පළමු කෘතිය- 1944 මම ඩික්කි කරත්තයෙන් එබී බැලුවේ මේ නාමල් සුවඳ ආවේ කොහෙන්දැයි කියා විපරම් කරන්නටය. නාමල් සුවඳ තාමත් මගේ ...
-
මේ දවස් වල වහිනවා ඕගොල්ලන්ගේ camera පරෙස්සම් කරගන්නේ කොහොමදවැස්ස නිසා තෙතමනය වැඩි නිසා කැමරාව නරක් වෙන්න පුළුවන් ලෙන්ස් ෆන්ගස් එන්න පු...