22 May 2014

සී ද එස් කුලතිලක සමරමු


9 වන සැමරුම ***********
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි

උදයට පේළිය සැදිලා
එන සැටී රූබර අඟනෝ
කර වට ගෝමර මල් පිපිලා
ලැම පිට පවලන් පළඳා
බඳේ වැටෙන හිරු තාපය නොදැනෙයි
ළඳේ නුඹට තුරු සෙවනැලි හුරු නැත


හිස වට සේලය දවටාලා
ඉණ වට ඔසරිය ඇඳලා
කුඹුරට සීරුවේ බැසලා
තරගෙට සීපද රැව් දීලා
අගේ වඩන රුසිරෙන් සැදි නෙළුමට
රඟේ බලන් සැරසෙන සැටි කදිමට

ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය, ගී පද - සී. ද එස්. කුලතිලක


මේ ගීතය ගුවන් විදුලියේ සංගීත පර්යේෂණ අංශය වෙනුවෙන් රචනා කරලා සංගීතය සැපයුවේ සී ද එස් කුලතිලක මහතායි ඔහු අපේ ආයතනයේ සංගීත පර්යේෂණ අංශයට ආරම්භයේ පටන්ම මහගු සේවාවක් ඉටුකළ අයෙක් මේ ගීතය රස වින්දනයට හුරුකරන්න 9 ශ්‍රේණියේ චිත්‍ර ගුරු අත් පොතෙත් තියනවා කුලතිලකයනට උපහාර පුදන්නට ඔහුගේ වැඩසටහන කලේ තුෂාර බැද්දගේ (රෝහණ බැද්දගේ මහතාගේ දියණිය ) සමග මම. පස්සේ අන්තිමට වගේ සුනිල් අමරසිංහ අය්යට කියල කොහොම හරි කුලතිලකයන්ගේ කටහඩත් මේ වැඩසටහනට ඇතුල් කළා වැඩසටහන ලංකාවේ වේලාවෙන් 11.30 ට ස්වදේශීය සේවයෙන් 91.7 FM සහ 91.9FM වලින් ගුවන් ගන්නවා. අහල බලන්න අන්තර්ජාලයෙන් අහන්න මෙම දිගුවෙන් පුළුවන්
http://www.slbc.lk/

No comments:

Post a Comment