08 July 2014

ජලවාෂ්ප උරා ගත්ත සිලිකා ආපහු යථා තත්වයට පත් කර ගන්න හැටි

සිලිකා දාලා අඩු වියදමකින් කැමරාව ආරක්ෂා කරගන්න හැටි මම කියල දුන්න.දැන් ගැටළුවක් එනවා.සිලිකා හැමදාම එක වගේ තියෙන්නේ නෑ ජලවාෂ්ප උරාගත්තම ඒක කැමරාවට ආයෙත් අගුණයි.ජලවාෂ්ප උරාගත්ත සිලිකා පලවෙනි පින්තූරේ ඇති.
හැමදාම සිලිකා විසි කර කර පාවිච්චිකරන්න ගියොත් අපිට විසුමක් වෙන්නේ නෑ ඒ නිසා කියල දෙන්නම් ජලවාෂ්ප උරා ගත්ත සිලිකා ආපහු යථා තත්වයට පත් කර ගන්න හැටි...අව්වේ තියන්න පුළුවන් ...එත් පැය 6 ක් වත් අව්වේ තියන්න වෙනවා..විනාඩි 10න් වැඩේ කරගන්න හැටි කියල දෙන්නම් ඇලුමිනියම් පිගානක් ගන්න දෙවෙනි පින්තූරේ පොඩි හට්ටියක් උනත් කමක් නෑ ඊට පස්සේ ඒකට සිලිකා ටික දාලා ගින්දර අඩුම කරලා ලිපේ තියන්න .පොල්කටු හැන්දක් අරගෙන හැඳි ගාන්න පොල් කටු හැඳි මොකටද?නැත්නම් සිලිකා කුඩු වෙනවා .තද නිල්පාට වෙනකම් හැඳි ගාන්න..නැත්නම් microwave  oven එකක තියල අඩු උෂ්ණත්වයකින් රත් කරගන්න .ඊට පස්සේ නිවෙන්න ඇරලා ආපසු අපේ dry box එකට දාන්න

No comments:

Post a Comment

සරත් දසනායක 15 වන ගුණ සැමරුම

මා ඔහුව මුලින්ම දුටුවේ රුපවාහිනී කනිෂ්ට වාදක මණ්ඩල පරීක්ෂණයේදී ..ආනන්ද ගමගේ ගුරුතුමාත් හිටියා හැමෝම හිටියේ පෙරදිග වාදන භාණ්ඩ අරගෙන මම ...