09 August 2013

පනා පුත්‍ර සමග හෝරාවක්

රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ටය දක්වාත් දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වාත් උගත් ලූෂන් බුලත්සිංහල කරළියට ගොඩ වුයේ පැටි වියේදීමයි.

ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධි අධ්‍යයන කටයුතු නිම කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේ.

1960 දී එල් එල් කේ ගුණතුංගයන් අධ්‍යක්ෂණය කළ අශෝක මාලා ගීත නාටකයේ සාලිය කුමාර චරිතයට පණ දෙමිනුයි බුලත්සිංහලයන් කොළඹ ලුම්බිණි රඟහලෙන් දොරට වැඩියේ.

සිය මුල්ම වේදිකා නාට්‍යය 'මන්නඩියා' 1961 දී රඟගත කළ ලුෂන් බුලත්සිංහල නිමැවූ 'රතු හැට්ටකාරි' 1974 හොඳම නාට්‍යය ඇතුළු සම්මාන කිහිපයක්ම දිනා ගත්තේයි.

අද පනා පුත්‍ර සමග හෝරාවක් කලේ මම.(උදේ 8.00 - 9.00 වෙළඳ සේවයෙන් )එහි පනා පුත්‍ර (ජැක්සන් ඇන්තනි) අද කතා කලේ ලුෂන් බුලත්සිංහල නම්වූ ගෙය පද රචකයා ගැන ඔහු ඇති විශිෂ්ට ලෙස රුප රචකයෙක් ලෙස වැඩසටහන ඉදිරිපත් කළා ඔහු ගැන මේ විස්තර bbc යෙන්

1966 රාජ්‍ය නාට්‍ය උළෙලේ ආරාධිත නාට්‍යය ලෙස කැඳවනු ලැබුයේ 1964 දී අවසාන වටයෙන් ඉවත් කැරුණු ලුෂන් ගේ 'නොනිවෙන ගිනි' රංග කාරියයි.

කරළිය, සිනමාව, ටෙලි නාට්‍යය මතු නොව ගුවන් විදුලියද සිය නිර්මාණ දායකත්වයෙන් ඔපවත් කොට ඇති ලූෂන් බුලත්සිංහල අධ්‍යක්ෂණය කළ 'තාරාදේවී' ටෙලි නාට්‍යය 1987 විජය රුපවාහිනි උළෙලේ සම්මාන එකොළහෙන් නවයක්ම දිනා ගන්නට සමත් වී.

මහා සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් ගේ 'දොරමඩලාව' හා 'සොඳුර වර්ණදාසි' ඔපෙරා ද්වයේ පෙළ සැකසුවේත් ගීත රචනය සඳහා පිදෙන ඉහළම සම්මාන කීපයක්ම හිමි කොටගෙන සිටින බුලත්සිංහලයන්. ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයත් හෙබැවූවෙක් ලූෂන් බුලත්සිංහල.

සිව් දශකයකට ආසන්න කලෙක පටන් සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ලේඛන කාරියේ නියැලෙන තිරංජනී සුනේත්‍රා රාජකරුණානායක, සම්මානලාභී ලේඛිකාවක්, නවකතාකාරියක්, පරිවර්තිකාවක්, මාධ්‍යවේදිනියක්, තීරු ලිපි රචිකාවක්.

1987 වසරේ හොඳ ම නවකතාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන ඩී. ආර්. විජයවර්ධන සම්මානයෙහි අවසන් වටය සඳහා නිර්දේශිත කෘති අතර වූ 'සඳුන්ගිර ගිනි ගනියි' පොතක් වශයෙන් පළ වූ ඇගේ මුල් ම නවකතාවයි.

නවකතාකාරියක ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මානය, බෞද්ධ සාහිත්‍ය සම්මානය සහ ස්වර්ණ පුස්තක සම්මාන ද දිනා ඇති සුනේත්‍රා රාජකරුණානායක 'බුද්ධදාසි' ලියා පළ කළේ 2010 දී.

බෝපත් ඇල්ල - Bopathella

බෝපත් ඇල්ල පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයේය. මුලින් වැඩිදෙනෙකුගෙ අවධානයට ලක් නොවුනත් වර්තමනය වෙනවිට මෙම ස්ථානය විශාල සංචාරක පිරිසක් පැමිනෙන තැනක් බවට පත්ව තිබේ.බෝපත් ඇල්ල ගැන වැඩසටහනක් කරන්න හිතාගෙන ඉන්නවා වැඩිදුර විස්තර ගිහින් ඇවිත් කියන්නම්

රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පැමිණෙන විට කුරුවිට නගරය අසන්නයේ ඇති ප්‍රවේශ මාර්ග දෙකක් ඔස්සේ මෙම දිය ඇල්ල වෙතට පිවිසිය හැකිය. මේ මාර්ග අතරින් එක් මාර්ගයක් හිග්ගස්/හේන හන්දියෙනුත්, අනිත් මාර්ගය කුරුවිට පොලීසිය අසලිනුත් වැටී තිබේ. ඇල්ල වෙතට යාමට මේ කුමන මාර්ග භාවිත කළද ඇත්තේ එක් හා සමාන දුරකි.

මේ ඉමේජය දිලංක බණ්ඩාරගෙන් 

MY New Interface මගේ අතුරු මුහුණත

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියත් සමගම ජනප්‍රිය වූ මෙට්‍රෝ METRO නම් අතුරු මුහුණත මම මගේ බ්ලොග් එකට යොදා ගත්තා. මේක භාවිතය එතරම් පුහුණු වීම අපහසු නැති වගේම මෙහි වඩාත් ආකර්ශනියත්වය නිසාම මෙය මම යොදා ගන්න බැලුවේ. එසේම මෙය ස්පර්ශක සංවේදී තිරයක් සඳහා ඉතාම හොඳින් සහ පහසුවෙන් පරිහරණය කල හැකි වීම අනෙත් කරුණුයි මෙට්‍රෝ අත්දැකීම විඳින්න ඔබට මගේ බ්ලොග් අඩවිය හරහා ආරාධනා කරනවා