09 August 2013

පනා පුත්‍ර සමග හෝරාවක්

රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ටය දක්වාත් දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වාත් උගත් ලූෂන් බුලත්සිංහල කරළියට ගොඩ වුයේ පැටි වියේදීමයි.

ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධි අධ්‍යයන කටයුතු නිම කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේ.

1960 දී එල් එල් කේ ගුණතුංගයන් අධ්‍යක්ෂණය කළ අශෝක මාලා ගීත නාටකයේ සාලිය කුමාර චරිතයට පණ දෙමිනුයි බුලත්සිංහලයන් කොළඹ ලුම්බිණි රඟහලෙන් දොරට වැඩියේ.

සිය මුල්ම වේදිකා නාට්‍යය 'මන්නඩියා' 1961 දී රඟගත කළ ලුෂන් බුලත්සිංහල නිමැවූ 'රතු හැට්ටකාරි' 1974 හොඳම නාට්‍යය ඇතුළු සම්මාන කිහිපයක්ම දිනා ගත්තේයි.

අද පනා පුත්‍ර සමග හෝරාවක් කලේ මම.(උදේ 8.00 - 9.00 වෙළඳ සේවයෙන් )එහි පනා පුත්‍ර (ජැක්සන් ඇන්තනි) අද කතා කලේ ලුෂන් බුලත්සිංහල නම්වූ ගෙය පද රචකයා ගැන ඔහු ඇති විශිෂ්ට ලෙස රුප රචකයෙක් ලෙස වැඩසටහන ඉදිරිපත් කළා ඔහු ගැන මේ විස්තර bbc යෙන්

1966 රාජ්‍ය නාට්‍ය උළෙලේ ආරාධිත නාට්‍යය ලෙස කැඳවනු ලැබුයේ 1964 දී අවසාන වටයෙන් ඉවත් කැරුණු ලුෂන් ගේ 'නොනිවෙන ගිනි' රංග කාරියයි.

කරළිය, සිනමාව, ටෙලි නාට්‍යය මතු නොව ගුවන් විදුලියද සිය නිර්මාණ දායකත්වයෙන් ඔපවත් කොට ඇති ලූෂන් බුලත්සිංහල අධ්‍යක්ෂණය කළ 'තාරාදේවී' ටෙලි නාට්‍යය 1987 විජය රුපවාහිනි උළෙලේ සම්මාන එකොළහෙන් නවයක්ම දිනා ගන්නට සමත් වී.

මහා සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් ගේ 'දොරමඩලාව' හා 'සොඳුර වර්ණදාසි' ඔපෙරා ද්වයේ පෙළ සැකසුවේත් ගීත රචනය සඳහා පිදෙන ඉහළම සම්මාන කීපයක්ම හිමි කොටගෙන සිටින බුලත්සිංහලයන්. ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයත් හෙබැවූවෙක් ලූෂන් බුලත්සිංහල.

සිව් දශකයකට ආසන්න කලෙක පටන් සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ලේඛන කාරියේ නියැලෙන තිරංජනී සුනේත්‍රා රාජකරුණානායක, සම්මානලාභී ලේඛිකාවක්, නවකතාකාරියක්, පරිවර්තිකාවක්, මාධ්‍යවේදිනියක්, තීරු ලිපි රචිකාවක්.

1987 වසරේ හොඳ ම නවකතාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන ඩී. ආර්. විජයවර්ධන සම්මානයෙහි අවසන් වටය සඳහා නිර්දේශිත කෘති අතර වූ 'සඳුන්ගිර ගිනි ගනියි' පොතක් වශයෙන් පළ වූ ඇගේ මුල් ම නවකතාවයි.

නවකතාකාරියක ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මානය, බෞද්ධ සාහිත්‍ය සම්මානය සහ ස්වර්ණ පුස්තක සම්මාන ද දිනා ඇති සුනේත්‍රා රාජකරුණානායක 'බුද්ධදාසි' ලියා පළ කළේ 2010 දී.

No comments:

Post a Comment