වාසනාවට මම ඔහුව ගුවන් විදුලියේ රස්සාවට ආපු පළමු දවසෙම දැක්කා ඔහුව මට අඳුන්වල දුන්නේ නාලනී අක්කා.ඔහුව අවසන් වතාවට දැක්කේ ගිය පෙබරවාරි පළවෙනිදා ඔහුගේ අන්තිම වැඩ සටහන ඒක වෙන්න ඇති.ඔහු පටි ගත කිරීම් කලේ මැදිරි 9 මම එදා රාජකාරි කලේ මැදිරි 8..එදා ඔහු ටිකක් කලබලෙන් වගේ හිටියා එත් මම ගිහින් කතා කරලා ආවා.මම ඔහු සමග චක්‍රාවාටය සහ සමනල ලන්ද කියන වැඩසටහන් 2ක එක දිගටම මස 4ක් විතර කළා එතකොට පටිගත කිරීම් තිබුනේ A 1 මැදිරියේ පැටික්කෝ ටිකක් එක්ක 3ට විතර මහින්ද අය්යා එනවා ඊට පස්සේ 6 විතරවෙනකම් පටිගත කිරීම් කරනවා.මහින්ද අය්යාට ගුවන් විදුලියෙන් සම්මාන පිරිනැමුවා.ඔහු ෆොටෝ ගන්නවට අකමැති කෙනෙක් එත් එදා ඇවිත් මට මම එවකට වැඩකරපු මැදිරි 5 ට ඇවිත් "සඳරුවන් මට උපහාර උත්සවයේ ෆොටෝ ටිකක් අරගෙන දෙනවද" ඇහුවා කොහොම උනත් ඔහුගේ ෆොටෝ ටිකක් මම ගත්ත 2ක් ඔහු ගත්තා ඒ උත්සවය ලස්සණට තිබුන.ඔහු තෙල්දාපු කරවල කන්න ආසයි බොහෝ වෙලාවට ඔහු වජිර ඉන්දික මහතා ( පාලක නාට්‍ය අංශය ) සමග කන්න එනවා මමත් නාට්‍ය අංශයට අවුරුදු 5ක් විතර වැඩකරපු නිසා ඔහු සමග දවල් කම බීම බෙදාගෙන කන්න හිටියා.ටිකක් කෙන්තිගියත් ඔහු සද්ද බද්ද නැති නිහඬ කෙනෙක් ලියපු සින්දු තොගයම මදෑ.ඒ අතරෙන් මම කැමති "නිසයුරු මුතුලැල්"ගීතයට.මේ සටහන ඔහුට උපහාරයකට...හැමෝ ගාවම මහින්ද අය්යගේ ෆොටෝ ඇති එත් මේ මට එයා දීපු ෆොටෝ සමහර විට කාගේ ගාවවත් නැතුව ඇති.-----සටහන ඉවර නෑ
Subscribe to:
Comments (Atom)
සරත් දසනායක 15 වන ගුණ සැමරුම
මා ඔහුව මුලින්ම දුටුවේ රුපවාහිනී කනිෂ්ට වාදක මණ්ඩල පරීක්ෂණයේදී ..ආනන්ද ගමගේ ගුරුතුමාත් හිටියා හැමෝම හිටියේ පෙරදිග වාදන භාණ්ඩ අරගෙන මම ...
-
මේ දවස් වල වහිනවා ඕගොල්ලන්ගේ camera පරෙස්සම් කරගන්නේ කොහොමදවැස්ස නිසා තෙතමනය වැඩි නිසා කැමරාව නරක් වෙන්න පුළුවන් ලෙන්ස් ෆන්ගස් එන්න පු...
-
ගම්පෙරලිය පළමු කෘතිය- 1944 මම ඩික්කි කරත්තයෙන් එබී බැලුවේ මේ නාමල් සුවඳ ආවේ කොහෙන්දැයි කියා විපරම් කරන්නටය. නාමල් සුවඳ තාමත් මගේ ...
-
කාලෙකින් බ්ලොග් ලියන්නේ එක එක වැඩ තිබුන.අද මම English Announcers news audition...මේ වගේ දේඅවල් වලට සහභාගී වෙන්න මේවගේ ආයතනයකින් ඉඩ ලැ...
