03 June 2014

කැමරාව ආරක්ෂා කර ගනිමු - how to Protect your DSLR Camera in easy Way


මේ දවස් වල වහිනවා ඕගොල්ලන්ගේ camera පරෙස්සම් කරගන්නේ කොහොමදවැස්ස නිසා තෙතමනය වැඩි නිසා කැමරාව නරක් වෙන්න පුළුවන් ලෙන්ස් ෆන්ගස් එන්න පුළුවන්
  dry cabinet එකක් Rs 12000ක් වත් වෙනවා සාමාන්‍ය dry box එකක් අඩුම ගානේ RS 6000ක් වත් වෙනවා අපේ සර් කිඋවා පොලිතින් උරයකට දාල උපකරණ ටික ආරක්ෂා කරගන්න කියල මම camera ගත්තගමන් ඒක ආරක්ෂා කරගන්න ගත්ත උපක්‍රමය මම කියල දෙන්නම් ARPICO එකේ ගන්න තියනවා seal box කියල plastic box එකක් මිල Rs 1500 එකේ 5500 ml  එක ගන්න super lock කියලත් box එකේ උඩම ඇති පින්තුර මම දාලා තියනවා.ඊට අමතරව සිලිකා ගන්න ඕන 500g  ගත්තම හොඳටම ඇති බංගසාල වීදියේ නම් තියනවා නැත්නම් විද්‍යාගාර බදබඩු විකුණන කඩවල් වල තියනවා Rs 350.ඊට පස්සේ  පොටි tray හරි කට පළල බෝතල් හරි ගන්න ඒවට අර සිලිකා පුරවල මේ පේන විදියට ඕගොල්ලන්ගේ උපකරණ රැකගන්න.මේ දවස් සීතල නිසා ෆන්ගස් අවොත් සුද්ද කරන්න Rs 4000 ඉඳල 8500 දක්වා යනවා සමහර විට lens එකේ මුල් ගුනත්වයත් ඒ එක්කම නැති වෙනවා.ෆන්ගස් හැදුන camera වකින් ගත්ත ෆොටෝ එකක් මුලින්ම ඇති.මේකට අඩු වියදමක් යන්නේ.   






22 May 2014

සී ද එස් කුලතිලක සමරමු


9 වන සැමරුම ***********
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි

උදයට පේළිය සැදිලා
එන සැටී රූබර අඟනෝ
කර වට ගෝමර මල් පිපිලා
ලැම පිට පවලන් පළඳා
බඳේ වැටෙන හිරු තාපය නොදැනෙයි
ළඳේ නුඹට තුරු සෙවනැලි හුරු නැත


හිස වට සේලය දවටාලා
ඉණ වට ඔසරිය ඇඳලා
කුඹුරට සීරුවේ බැසලා
තරගෙට සීපද රැව් දීලා
අගේ වඩන රුසිරෙන් සැදි නෙළුමට
රඟේ බලන් සැරසෙන සැටි කදිමට

ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය, ගී පද - සී. ද එස්. කුලතිලක


මේ ගීතය ගුවන් විදුලියේ සංගීත පර්යේෂණ අංශය වෙනුවෙන් රචනා කරලා සංගීතය සැපයුවේ සී ද එස් කුලතිලක මහතායි ඔහු අපේ ආයතනයේ සංගීත පර්යේෂණ අංශයට ආරම්භයේ පටන්ම මහගු සේවාවක් ඉටුකළ අයෙක් මේ ගීතය රස වින්දනයට හුරුකරන්න 9 ශ්‍රේණියේ චිත්‍ර ගුරු අත් පොතෙත් තියනවා කුලතිලකයනට උපහාර පුදන්නට ඔහුගේ වැඩසටහන කලේ තුෂාර බැද්දගේ (රෝහණ බැද්දගේ මහතාගේ දියණිය ) සමග මම. පස්සේ අන්තිමට වගේ සුනිල් අමරසිංහ අය්යට කියල කොහොම හරි කුලතිලකයන්ගේ කටහඩත් මේ වැඩසටහනට ඇතුල් කළා වැඩසටහන ලංකාවේ වේලාවෙන් 11.30 ට ස්වදේශීය සේවයෙන් 91.7 FM සහ 91.9FM වලින් ගුවන් ගන්නවා. අහල බලන්න අන්තර්ජාලයෙන් අහන්න මෙම දිගුවෙන් පුළුවන්
http://www.slbc.lk/

03 May 2014

පරගොඩ විහාරය - Paragoda Temple

ගම්පෙරලිය පළමු කෘතිය- 1944

 මම ඩික්කි කරත්තයෙන් එබී බැලුවේ මේ නාමල් සුවඳ ආවේ කොහෙන්දැයි කියා විපරම් කරන්නටය.
නාමල් සුවඳ තාමත් මගේ නැහැපුඬු ළඟය.

සුළඟේ පාවී ආ නාමල් පියල්ලක් නන්දාගේ ඔඩොක්කුවට වැටිණි. අනුලා එය ඩැහැ ගත්තාය.
බරට බර ගෙජ්ජි මාලයක් කරේ පැලඳගෙන සිටි සුදු පාට ගොන් දෙන්නා අං සොලවමින් හිස ගස්සන්නට වූහ.
උන්ගේ ගැස්සිල්ලට ඩික්කි කරත්තය සෙලවිණි.
මාතර හාමිනේ තලාඳය අල්ලා ගත්තේ කරත්තෙන් බිමට වැටේදෝයි බියෙනි.
"බහින්න.... බහින්න... නාමල් පූජාව පටන් අරගෙනත් ඇති..."
පියල්ගේ අම්මා කීවාය.


පියල්, බලදාස සහ තිස්සත් හිටියේ නා අරණේ සෙවණට වන්නටය. නන්දා නාමලින් බර වුණ පැසක් රැගෙන ගොස් ඔවුන් අතරට එක් වූවාය.
ගැල පරගොඩ විහාරයට ළඟා වූයේ අටට පමණය. තරු මෙන් බබළන නාමලින් නික්මෙන මිහිරි සුවඳ නිසා මාතර හාමිනේගේත්, පියල්ගේ මවගේත් නාමල් පිදීමේ ආසාව වැඩි විය.
නන්දාත් අනුලාත් ඉස්සර කරගත් අම්මලා දෙදෙනා තෙල්, මල්, හඳුන්කූරු, කපුරු රැගෙන දූලාගේ පස්සෙන් ගාටන්නට වූහ.


තිස්ස පියල් සහ බලදාස ආවේ ඔවුන්ටත් පස්සේය.
මම ඔවුන්ගේ පස්සෙන් ගෑටුයෙමි.


ගම් පෙරළියේ නන්දලා, අනුලලා, මාතර හාමිනේලා කයිසාරුවත්තේ මුහන්දරම්ලා පරගොඩ රජමහා විහාරය වන්දනාමාන කරන්නට එදා එසේ එන්නට ඇත.මගේ ඥාති  සහෝදරයාගේ නිවස ඉදිරිපිටද නා ගසක් තිබේ එහි නාමල් පුජා කරන්නට ඔහු අපව පරගොඩ එක්කගෙන ගියේය එදා ගම්පෙරළියේ කරත්ත වලින් ගිය ඔවුන් වෙනුවට අද අප  සුඛෝපබෝගී වාහන දෙකකින්  අධි වේගී මාර්ගයේ පැය එකහමාරකින් ඉමදුව පිවිසුමෙන් පරගොඩට ලගාවීමු.

         
 ඓතිහාසික වශයෙන් හා සෞන්දර්යෙන් චිත්‍රණය වූ පරගොඩ විහාරයේ  ආගමික අංගයෝ විනාශයට පත් වෙමින් පවතී. මෙම පුද බිම රැක ගැනීම අපගේ වගකීමකි.විහාරස්ථානයේ වැඩවසන විහාරවාසී නායක හිමියන් හා විහාරවාසී භික්‍ෂූන් වහන්සේලා විසින් ආගමික සංස්කෘතික නවෝදයක් සඳහා නිරතුරු කටයුතු සිදුකරලීම පැසසිය යුතු ක්‍රියාන්විතයකි.


දේවානම්පියතිස්ස රජු ශ්‍රී මහා බෝධියේ අංකුර තිස් දෙකක් රටපුරා රෝපණය කිරීමේ සාධු සම්මත මෙහෙවරට පිං සිදුවන්නට පරගොඩ විහාරය ඉදිවූ බව සඳහන් ය. මෙසේ බෝධියේ අංකුර රට පුරා රැගෙන යන අතරතුර පරගොඩ ගම්මානයට පැමිණ ඇති එම පරිස විඩාව සන්සිදුවා ගැනීම සඳහා බෝධි අංකුරය අසල තබා විවේක ගන්නට වූහ. පසුව දා මෙම පිරිස යළිත් ගමන් කිරීමට සුදානම් වන විට දැකිය හැකි වූයේ බෝධි අංකරය මුල් ඇද ඇති බව යි. ඒනිසා එම ස්ථානයේ බෝධි අංකුරය රෝපණය කිරීමට පියවර ගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. දුටුගැමුණු රජුගේ සහායට පැමිණි ඉන්දියානු භට සේනාවක් මෙම ගමෙහි ජීවත් වූ නිසා පරදේසක්කාරයන් ජීවත් වූ ප්‍රදේශය පරගොඩ වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. තව තවත් විවිධ වූ ජනප්‍රවාද රැසක්ද පරගොඩ ගම පිළිබඳව සඳහන් වේ. 

අනුරාධපුර යුගයට අයත් පරගොඩ විහාරයේ පෞරාණික බව කියාපාන සඳකඩපහණක් ද මෙහි දැකිය හැකිය .පැරණි දිය පිහිල්ල සඳකඩ පහණ අදට ද දැකිය හැකි ය. 

නමුත් මේ මෙම විහාර අංගයෝ අදවන විට විනාශයට පත්වෙමින් තිබේ. සිංහල බෝධි වංශයේ ද, නම් පොතෙහි ද සඳහන්ව ඇති මෙම ඓතිහාසික විහාරස්ථානයේ ඇති පිළිම, සිතුවම් ආදියද ලංකාවේ විහාරස්ථානයක දැකිය හැකි විශේෂිත නිර්මාණයන් ය. සිවිලිං - චිත්‍ර වලින් නව ග්‍රහයන් මෙන්ම ඡ්‍යොතිෂයට සම්බන්ධ සිද්ධීන් චිත්‍රනය වීමද විශේෂයකි.තවද මා පුදුමයට පත් කරවන සිතුවමක් එහි සිවිලිමේ සිත්තම් කර තිබිණි.ඒ මල් වැලක් ගත් කාන්තා නග්න රූපයකි නමුත් එහි මුහුණේ තිබුනේ බුදුරජාණන් වහන්සේගේ රුවයි පන්සලක විහාරගෙයක කාන්තා නග්න රූප දක්නට නොලැබේ. එහෙත් නිරුවත්  කාන්තාඋඩු කයකින් යුත් මෙවන් රුපයක් ඇන්දේ ඇයිද යන්න මා සිත තුල පැනයක් ඇති කරයි.



දෙවනපෑතිස්ස රජුගේ සෙනෙවියකු විසින් මුලින්ම පරගොඩ විහාරය සකස් කර ඇත්තේ කන්දක් උඩ ගල් කුළක දැවයෙන් බව සඳහන් ය. පසුව දැවෙන් කල විහාරය විනාශ වූ අතර ක්‍රි.ව. 876 දී පරගොඩ විහාරය නැවත සකස් කළ බව කියැවෙ යි.මෙහි නුවර යුගයට අයත් චිත්‍ර මෙන්ම අනුරාධපුර කලාකරුවන්ගේ හැකියාව ද එක්ව චිත්‍රණය වී ඇති ආකාරය දැකිය හැකි ය. පැරණි කුඩා චෛත්‍ය මත කඤ්චක චෛත්‍යය ඉදිකර ඇත. 

ඉපැරැණි දේවාලය අද පවා දේව බැතිමතුනගේ වන්දනීය පූජණීය තත්ත්වයට හේතුවී ඇත.  පරගොඩ විහාරයේ සූවිසි පිළිම වහන්සේලා දැකිය හැකි ය. දේවාලය ද විහාරයේ පිහිටා ඇත්තේ හරි අපූරු ආකාරයට විහාර ගෙය තුළ ය.විහාරයේ අද පවතින චිත්‍ර නුවර සහ අනුරාධපුර යුගයන් නියෝජනය කරයි. ඉපැරණි කුඩා චෛත්‍යය ආවරණය වන පරිදි නවතම චෛත්‍ය වූ කඤ්චක චෛත්‍ය ඉදිකර ඇත. නුවර යුගයේ රජවරුන් පරිත්‍යාග කළ ඉතා වටිනා සළු පිළි පටසිවුරු, මෙම විහාරස්ථානයේ ආරක්‍ෂිතව පවතී. පරගොඩ විහාරස්ථානයේ තවත් විශේෂත්වයක් වනුයේ සුවිසි පිළිම වහන්සේලා දැකිය හැකි වීමය. අප දකින්නේ වෙනත් විහාරස්ථානවල අටවිසි පිළිම වහන්සේලා ය.

නාගස් වන රොදෙන් සුවඳවත් වූ බෝධීන් වහන්සේ මහා අනුහස් ඇතැයි පැවසේ. කිසිදු දිනක කිසිදු මොහොතක අඩුවක් නොමැති පරගොඩ විහාරය බෝධි පූජා සඳහා පැමිණෙන සැදැහැවතුනගේ පිරිස ද ඉතාම ඉහළ ය. මේ ආකාරයේ ඉතා වැදගත් වූ පරගොඩ රජමහා විහාරය විනාශ වෙමින් පවතී. චිත්‍ර, පිළිමවහන්සේලා හා සොල්දර ද විහාරයේ වහලවල් ද දිරා බිත්ති ඉරිතලා ඇති අතර මෙම ඓතිහාසික පරගොඩ විහාරය රැක ගැනීම අනාගත පරපුරට උරුමකරදීම අපේ යුතුකමය. වගකීම ය.

17 February 2014

Mahinda Algama Went Away - මහින්ද අය්යා යන්න ගියා

වාසනාවට මම ඔහුව ගුවන් විදුලියේ රස්සාවට ආපු පළමු දවසෙම දැක්කා ඔහුව මට අඳුන්වල දුන්නේ නාලනී අක්කා.ඔහුව අවසන් වතාවට දැක්කේ ගිය පෙබරවාරි පළවෙනිදා ඔහුගේ අන්තිම වැඩ සටහන ඒක වෙන්න ඇති.ඔහු පටි ගත කිරීම් කලේ මැදිරි 9 මම එදා රාජකාරි කලේ මැදිරි 8..එදා ඔහු ටිකක් කලබලෙන් වගේ හිටියා එත් මම ගිහින් කතා කරලා ආවා.මම ඔහු සමග චක්‍රාවාටය සහ සමනල ලන්ද කියන වැඩසටහන් 2ක එක දිගටම මස 4ක් විතර කළා එතකොට පටිගත කිරීම් තිබුනේ A 1 මැදිරියේ පැටික්කෝ ටිකක් එක්ක 3ට විතර මහින්ද අය්යා එනවා ඊට පස්සේ 6 විතරවෙනකම් පටිගත කිරීම් කරනවා.මහින්ද අය්යාට ගුවන් විදුලියෙන් සම්මාන පිරිනැමුවා.ඔහු ෆොටෝ ගන්නවට අකමැති කෙනෙක් එත් එදා ඇවිත් මට මම එවකට වැඩකරපු මැදිරි 5 ට ඇවිත් "සඳරුවන් මට උපහාර උත්සවයේ ෆොටෝ ටිකක් අරගෙන දෙනවද" ඇහුවා කොහොම උනත් ඔහුගේ ෆොටෝ ටිකක් මම ගත්ත 2ක් ඔහු ගත්තා ඒ උත්සවය ලස්සණට තිබුන.ඔහු තෙල්දාපු කරවල කන්න ආසයි බොහෝ වෙලාවට ඔහු වජිර ඉන්දික මහතා ( පාලක නාට්‍ය අංශය ) සමග කන්න එනවා මමත් නාට්‍ය අංශයට අවුරුදු 5ක් විතර වැඩකරපු නිසා ඔහු සමග දවල් කම බීම බෙදාගෙන කන්න හිටියා.ටිකක් කෙන්තිගියත් ඔහු සද්ද බද්ද නැති නිහඬ කෙනෙක් ලියපු සින්දු තොගයම මදෑ.ඒ අතරෙන් මම කැමති "නිසයුරු මුතුලැල්"ගීතයට.මේ සටහන ඔහුට උපහාරයකට...හැමෝ ගාවම මහින්ද අය්යගේ ෆොටෝ ඇති එත් මේ මට එයා දීපු ෆොටෝ සමහර විට කාගේ ගාවවත් නැතුව ඇති.-----සටහන ඉවර නෑ

12 August 2013

the conjuring - ඉන්ද්‍රජාලය


මේක අලුත්ම horror වර්ගයේ චිත්‍රපටයක් online ක්‍රමයට බලන්න පුළුවන්




 චිත්‍රපටයේ ප්‍රචාරක පටය පහතින් බලන්න 

11 August 2013

මහනුවර ශ්‍රී දළදා මාළිගයේ පළමු වැනි කුඹල් පෙරහැර අද - Kandy Kumbal perahara



මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු වැනි කුඹල් පෙරහැර අද වීදි සංචාරය කරනව.

හෙට පස්වරු 7.31ට දළදා මාළිගයෙන් පිටත්වන පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, ඔස්සේ ගමන් කර රජවීදියට හැරී මාලිගයට ගෙවදීමට නියමිතය. 

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බි.අඹන්වල මහතා ප්‍රකාශ කළේ පෙරහැර මංගල්‍යය සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3000ක් පමණ යොදවා ඇති බවයි . 

පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

10 August 2013

සරත් දසනායක 15 වන ගුණ සැමරුම

මා ඔහුව මුලින්ම දුටුවේ රුපවාහිනී කනිෂ්ට වාදක මණ්ඩල පරීක්ෂණයේදී ..ආනන්ද ගමගේ ගුරුතුමාත් හිටියා හැමෝම හිටියේ පෙරදිග වාදන භාණ්ඩ අරගෙන මම ...