11 August 2013

මහනුවර ශ්‍රී දළදා මාළිගයේ පළමු වැනි කුඹල් පෙරහැර අද - Kandy Kumbal perahara



මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු වැනි කුඹල් පෙරහැර අද වීදි සංචාරය කරනව.

හෙට පස්වරු 7.31ට දළදා මාළිගයෙන් පිටත්වන පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, ඔස්සේ ගමන් කර රජවීදියට හැරී මාලිගයට ගෙවදීමට නියමිතය. 

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බි.අඹන්වල මහතා ප්‍රකාශ කළේ පෙරහැර මංගල්‍යය සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3000ක් පමණ යොදවා ඇති බවයි . 

පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

No comments:

Post a Comment