17 November 2014

සරත් දසනායක 15 වන ගුණ සැමරුම

මා ඔහුව මුලින්ම දුටුවේ රුපවාහිනී කනිෂ්ට වාදක මණ්ඩල පරීක්ෂණයේදී ..ආනන්ද ගමගේ ගුරුතුමාත් හිටියා හැමෝම හිටියේ පෙරදිග වාදන භාණ්ඩ අරගෙන මම විතරක් western ......මට කැමති ගීතයක් වයන්න කියුවා..සත්සමුදුර ...ඕක තමයි මගේ හීනේ....ඊට පස්සේ  ඔහු මා දිහා බලාගෙන හිටියා..අලුත්ම ගීත 3ක් score  board එකට දැම්මා.මම ඒවත් වාදනය කළා..ආනන්ද සර් ගෙන් ඇහුවා මෙයාට මොකද කරන්නේ කියලා..ඒ අපරදිග වදන භාණ්ඩ වාදකයෙක් හිටියේ මම විතරක් නිසා "වයලින් ගහන්න පුලුවන්ද ?"කියලා ඇහුවා.ඒ තරම් බැරි උනත් මම විභාග සදහා වයලින් ඉගෙන ගනිමින් හිටියේ මම පුළුවන් කිඋවා."අහ  ගහනවා වයලින් කිඋවා "මමත් පුළුවන් විදියට ජනකගේ වයලින් ඉල්ලාගෙන ගැහුවා..නෑ නෑ අපි මේකව පියානෝ ගහන්න තියා ගනිමු..කියල  සර් කිඋව බලමු බලමු කිඋවා.මම බලාපොරොත්තු නැතිවම ගෙදර ආවා.පස්සේ මාව තෝරාගෙන තිබුනා..එදා තමයි මම සරත් දසනායකව දැක්කේ.


අද ඔහුගේ  ගුණ සමරන ඔහු අප අතරින් සදහටම වෙන් වූ දිනය 

 1942 අගෝස්තු උපන් ඔහුගේ මව ගුරුවරියක් වූ නිසා පාසල් කීපයකම අකුරු කරන්න වාසනාව ලැබුවා.1959 දී ඔක්තෝබර් 8 වැනිදා හොරණ ශ්‍රී පාලි විද්‍යාලයට ඇතුලත්ව ප්‍රේමදාස හේවගේ මහතාගෙන් සංගීතය හැදෑරුවා.1960 රජයේ සංගීත විද්‍යාලයට ඇතුලත්ව සංගීතය වැඩිදුර හදාරා බිබිලේ මධ්‍ය මහා විද්‍යාලයයේ සංගීත ගුරුවරයා ලෙස සේවයට බැඳුණි එතැන් පටන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර දක්වා උසස් වීම් ලබමින් සේවය කළා 

ඔහුගේ තනු රටාව අපුරුයි..ඔහු නිසැකයෙකයෙන්ම භාව ප්‍රකාශකයෙකි.සිනමාවේදී වඩා මුලික වෙන්නේ රුපය නිසා එම රූපවාලිය තීව්‍ර කිරීම ට උරදෙන ලෙස සිය තනු හසුරවපු නිසා භාව ප්‍රකාශකයෙක් යන්න ඔහුට ගැලපෙනවා 1963 ආර් සාමි  සංගීතය සැපයු උඩරට මැණිකේ සිනමාපටයෙන් ඔහු සිනමා සංගීතයට පිවිසුණා.ඒ සිතාර් වාදකයෙකු ලෙස.ඔහු ප්‍රේමසිරි කේමදාස ගේ සහය අධ්‍යක්ෂ වරයකු ලෙසද කටයුතු කර තිබීම විශේෂයක් එවකට අනුකරකව තිබු සිංහල සිනමා සංගීතය තුල නව ප්‍රවනතාවයක් ඇති කිරීමේ උවමනාව ඔහුට තිබුනා 

1972  ඔහු සහ සිත්ජය සිනමා පටය ...ඒ ඔහුගේ පළමු නිර්මාණය...එත්   එය අසාර්ථකයි ...1973 සරත් දසනායක සිංහල සිනමාවේ මන් සලකුණ ලකුණුකලා ..ඒ   සදහටම ඔබ මගේ චිත්‍රපටයෙන් එසේම ඒ තනු අපරදිග අභාෂය ද ලබා තිබුන ...අමර පෙම් ලතවේ ...පෙම් රස වෑහෙන ...ආදී ගීත අදටත් ජනප්‍රියයි ....මී අම්බ අත්තේ .....මා එදා ...බුදුනේ ....සරා සදේ ....නිල්ල නගන....හද විමන් දොරින් ...ආදී ගීත සමුහයකට තනු රචනාකළ ඔහු  චිත්‍රපට 130 පමණ සංගීතය සපයා තිබෙනවා 

ඊට අමතරව ඔහු විවිධ සරල ගීසඳහා සංගීතය නිර්මාණය කර තිබෙනවා එයින් මා වඩාම කැමති ගීතය අමරදේවයන් ගයන අජන්තා රණසිංහ පබැඳු රෑ දුරු රට ..ඔහුට උපහාර පිණිස මේ ගීය මා තාක්ෂණය සහ බටහිර සංගීත භාන්ඩ වලින් වයා තිබෙනවා මේ සටහන සහ මා වැයූ ඔහුගේ ගීය ඔහුට උපහාරයක් වේවා !!!  

10 August 2014

ෆොටෝෂොප් අතුරු මුහුණතේ වම් පස ඇති දෑ අද දැන ගනිමු - Photoshop palettes

ෆොටෝෂොප් අතුරු මුහුණතේ වම් පස ඇති දෑ  දැන ගනිමු

මේ අතුරෙන් වැඩිම අවධානය යොමු කලයුත්තේ මෙහෙයුම් අතුරු මුහුණත් කවුළුවටයි විවිධ වෘත්තීය මට්ටම් වල ෆොටෝෂොප් භාවිත කරන්නන් උදෙසා පෙර සැකසුම් ක්‍රමයට මෙම අතුරු මුහුණත සකස්කොට තිබීම විශේෂයකි එම කවුළුව වෙත පිවිස බලන්න එහි ඡායාරුප ශිල්පියාට චිත්‍රක නිර්මාණ ශිල්පියාට චිත්‍ර ශිල්පියාට ලේඛන කටයුතු වල නියැලෙන්නන්ට අවශ්‍ය ආකාරයට කලින් සැකසු අතුරු මුහුණත් තිබේ ඒවා ට අමතර ව තමන්ට රිසිසේ කැමති වැඩපතක් සදා ගැනීමට වුවද පුළුවන.එසේ කරන්නේ එහි ඇති new works pace වෙත පිවිසීමෙනි.මෙම කවුළුව වෙත පිවිස අතුරු මුහුණත් වෙනස් වන ආකාර අධ්‍යයනය කරන්න  

24 July 2014

ෆොටෝෂොප් මුහුණත - Photoshop CC Interface



ෆොටෝෂොප් මුහුණත - Photoshop cc Interface*******
මෙහි ඇත්තේ ෆොටෝෂොප් මුහුණත පිළිබද කෙටි හැඳින්වීමකි.ඡායාරුප සංස්කරණයට අදාල මෙවලම් සියල්ල හදුන්වාදී නැතත් බහුලව භාවිත වන මෙවලම් හඳුනා ගන්න.අපේ වැඩපතට ෆොටෝෂොප් හි භාවිතා වන්නේ කැන්වසය යනුවෙනි.එය image window ලෙස හඳුනාගනිමු. ඉතුරු මෙවලම් ඒ ඒ අවස්ථාවේදී හදුන්වාදෙමින් ක්‍රියාකාරකම් කරමු මෙය අවපතනය (download )කරගෙන මෙවලම් හඳුනාගන්න පුරුදු වෙන්න.ඒ ඒ මෙවලම් වලින් කළහැකි දේ පහතින් දැක්වේ මේ මේ බොහෝ මෙවලම් වල අතුරු මෙවලම් තිබේ. ඒවාද ක්‍රියාකාරකම් අනුසාරයෙන් හඳුනාගනිමු
1. Move - තේරීම් - ලේයර් අතර මාරු වීමට යොදා ගනී
2. Marqee tool - මෙහි මෙවලම් 4 කි තෝරාගැනීම් සදහා යොදාගනී
3.Lasso tool නිදහස් ඇඳීමට තෝරා ගැනීමට භාවිතා කරයි
4 Quick selection tool - වේගවත් තෝරාගැනීම් කලහැක
5.Crop tool - පින්තුර කැපීම -අලුතින් frame කිරීම ට භාවිත වේ
6.Patch tool - කොටසක් වෙනත් තැනකට ආදේශ කිරීමට භාවිතා වේ
7.Brush tool - ඇඳීම පාට කිරීම සහ තේරීම් කිරීමට භාවිතා වේ
8.Clone stamp tool -පිටපත් සඳහා භාවිතා වේ
9. burn tool පැහැය අඩු කිරීමට භාවිතා වේ
ඉදිරි පාඩම pallets සහ මෙම මුහුණතේ දකුණුපස දැනගනිමු


12 July 2014

How to use a Rechargeable Battery correctly - නිවැරදි බැටරි භාවිතය

ලැප්ටොප් මොබයිල් ෆෝන් කැමරා බැටරි චාර්ජ් කිරීමේදී අනුගමනය කලයුතු වන්නේ ඒවා සම්පුර්ණයෙන්ම බැසගිය පසු නැවත ආරෝපණය කිරීමයි එහි යාන්ත්‍රණය වන්නේ බැටරිය සතුව ඇති ආරෝපිත ද්‍රව්‍ය බැටරියේ ආරෝපණය පිලිබඳ යම් මතකයක් තබාගැනීමයි. ඔබ, බැසගිය පසු බැටරිය ආරෝපණය කිරීමට පටන් ගත් විට  Battery Memory බැටරිය අනරෝපිත බව පිළිගනී.බාගයක් අනරෝපිත බැටරිය ආරෝපණය කිරීමට යනවිට ද බැටරිය අනරෝපිත බව පිළිගනී. එවිට සිදුවන්නේ කුමක්ද?ඔබේ බැටරියෙන් බාගයක ආරෝපණය ඔබට අහිමි වීමයි.මෙය එකවර හෝ දින හතර පහකින් ක්ෂණිකව සිදු නොවේ. එම දෝෂයේ ප්‍රතිපලනම් එක්වරම බැටරිය චාර්ජ් වීම පෙන්වයි ක්‍රමානුකුලව බැසයාම වෙනුවට  එක්වරම බැටරිය බැසයයි.සමහර විට ඔබේ දුරකතනයෙන් බැටරිය සම්පුර්ණ ආරෝපණය වී ඇති බව පෙන්වා එක දුරකථන ඇමතුමකින් බැටරිය බැසගිය බව පෙන්වයි . එමනිසා බැටරිය සම්පුර්ණයෙන් බැස ගිය පසු ආරෝපණය කිරීම නිර්දේශ කෙරේ.මෙම දෝෂයට  පිලියමක් ලෙස බැටරිය සම්පුර්ණයෙන් ම අනාරෝපිත කර යලි අඛණ්ඩව පැයක් වැඩියෙන් ආරෝපණය කලයුතු වේ. බැටරිය සම්පුර්ණයෙන් අනරෝපිත කිරීමට dis charger තිබේ. එසේ නැතත් බැටරිය භාවිත වෙන අග්‍ර වෙත බැටරියේ වොල්ටීයතාවයට සමාන බල්බයක් යෙදීමෙන් එය කරගත හැක.එය පරෙස්සමෙන් කළයුත්තකි.වඩා හොඳ බැටරිය බැසයන තෙක්ම භාවිතා කිරීමයි  කාර්ය බහුල ඔබට එය අසීරු කටයුත්තකි නමුත් එය කලයුතුය ලැප්ටොප් ආදියේ   නම් එය කිරීමට අපහසු අතර කැමරා සහ ජංගම දුරකථන සඳහා අතිරේක බැටරියක් භාවිතා කිරීමෙන් බැටරි දෙකෙහිම ආයු කාලය වැඩි වන අතර බැටරියට නිවාඩුවක් ද ලැබේ













canon 6D 60D 7D 70D 5D mark 111  ආදිය කැමරාවල බැටරියක ඇතුලත 

10 July 2014

අපි photoshop ඉගෙන ගනිමු ..

ෆොටෝෂොප් යනු අද ඉතාම ජනප්‍රිය..එසේම විවිධ පහසුකම් ඇති ඡායාරුප සංස්කරණය සඳහා ඇති අඩුපාඩු ඉතාමත් අඩු මෘදුකාංගයකි.මෙහි ඉතිහාසය ගැන විශාල වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ..එය ඔබට අන්තර්ජාලය හරහා ඕන තරමට සොයාගන්න පුළුවන්.නමුත් මෙවැනි දෙයක් සොයාගත් තැනැත්තා ගැන හඳුන්වා දීම යුතුකමක් ලෙස මම කල්පනා කරනවා..ඔහු John Knoll දෘශ්‍ය ප්‍රයෝග සුපරීක්ෂක වරයෙක්..ඔහු අඳුනගන්න ඔහුගේ විස්තර සොයාගන්න ඔබට බාරයි..

මම ඔබට සමග සාකච්ඡ කරන්න බලා පොරොත්තු වෙන්නේ photoshop CC සංස්කරණයයි. එය 2013 විසින් හඳුන්වාදුන් නවතම සංස්කරණයයි..එය ඔබට අත්හදාබැලීමේ සංස්කරණයක්  අන්තර්ජාලයෙන් නොමිලයේ බාගත කරගතහැකි...එය පරිගණකයේ ස්ථාපනය කිරීම මෙතෙක් ආ සංස්කරණ වලින් වෙනස් වෙනවා.එයට හේතුව මෙය cloud සංස්කරණයක් වීමත් ය.මෙය ස්ථාපනය කිරීමේදී ඔබේ තොරතුරු ලබාගනී.ඔබේ email ලිපිනය සමග signup වීම අපේක්ෂා කරනවා.ඒ නිසා හොඳම දේ අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කර ස්ථාපනය කිරීමයි එසේම signup option එක later යනුවෙන් තෝරාගැනීමෙන් ස්ථාපනය කරගත හැකි බව අත්දැකීමෙන් දනිමි.එසේ ස්ථාපනය කරගත් ෆොටෝෂොප්හි ප්‍රවේශ තිර පිටපත ඔබට දෙවෙනි රුපයෙන් දක්වා තිබෙනවා windows 8 සංස්කරණයේදී එය කෙලින්ම start මෙනුවටම ඇතුලත් කරගැනීමටම පුළුවන් එය විවෘත කරගැනීමෙන් පසුව ඔබට වෙනත් සංස්කරණ වල මෙන්ම.ඉතා හුරුපුරුදු අංගෝපාංග දැකගැනීමට පුළුවන් එම ආරම්භක තිර පිටපත 3 වෙනි රුපය තියෙනවා. ෆොටෝෂොප් ඔබේ පරිගණකයේ  ස්ථාපනය කරගෙන අපි ලබන සතියේ වැඩ පටන් ගනිමු.














08 July 2014

ජලවාෂ්ප උරා ගත්ත සිලිකා ආපහු යථා තත්වයට පත් කර ගන්න හැටි

සිලිකා දාලා අඩු වියදමකින් කැමරාව ආරක්ෂා කරගන්න හැටි මම කියල දුන්න.දැන් ගැටළුවක් එනවා.සිලිකා හැමදාම එක වගේ තියෙන්නේ නෑ ජලවාෂ්ප උරාගත්තම ඒක කැමරාවට ආයෙත් අගුණයි.ජලවාෂ්ප උරාගත්ත සිලිකා පලවෙනි පින්තූරේ ඇති.
හැමදාම සිලිකා විසි කර කර පාවිච්චිකරන්න ගියොත් අපිට විසුමක් වෙන්නේ නෑ ඒ නිසා කියල දෙන්නම් ජලවාෂ්ප උරා ගත්ත සිලිකා ආපහු යථා තත්වයට පත් කර ගන්න හැටි...අව්වේ තියන්න පුළුවන් ...එත් පැය 6 ක් වත් අව්වේ තියන්න වෙනවා..විනාඩි 10න් වැඩේ කරගන්න හැටි කියල දෙන්නම් ඇලුමිනියම් පිගානක් ගන්න දෙවෙනි පින්තූරේ පොඩි හට්ටියක් උනත් කමක් නෑ ඊට පස්සේ ඒකට සිලිකා ටික දාලා ගින්දර අඩුම කරලා ලිපේ තියන්න .පොල්කටු හැන්දක් අරගෙන හැඳි ගාන්න පොල් කටු හැඳි මොකටද?නැත්නම් සිලිකා කුඩු වෙනවා .තද නිල්පාට වෙනකම් හැඳි ගාන්න..නැත්නම් microwave  oven එකක තියල අඩු උෂ්ණත්වයකින් රත් කරගන්න .ඊට පස්සේ නිවෙන්න ඇරලා ආපසු අපේ dry box එකට දාන්න

03 June 2014

කැමරාව ආරක්ෂා කර ගනිමු - how to Protect your DSLR Camera in easy Way


මේ දවස් වල වහිනවා ඕගොල්ලන්ගේ camera පරෙස්සම් කරගන්නේ කොහොමදවැස්ස නිසා තෙතමනය වැඩි නිසා කැමරාව නරක් වෙන්න පුළුවන් ලෙන්ස් ෆන්ගස් එන්න පුළුවන්
  dry cabinet එකක් Rs 12000ක් වත් වෙනවා සාමාන්‍ය dry box එකක් අඩුම ගානේ RS 6000ක් වත් වෙනවා අපේ සර් කිඋවා පොලිතින් උරයකට දාල උපකරණ ටික ආරක්ෂා කරගන්න කියල මම camera ගත්තගමන් ඒක ආරක්ෂා කරගන්න ගත්ත උපක්‍රමය මම කියල දෙන්නම් ARPICO එකේ ගන්න තියනවා seal box කියල plastic box එකක් මිල Rs 1500 එකේ 5500 ml  එක ගන්න super lock කියලත් box එකේ උඩම ඇති පින්තුර මම දාලා තියනවා.ඊට අමතරව සිලිකා ගන්න ඕන 500g  ගත්තම හොඳටම ඇති බංගසාල වීදියේ නම් තියනවා නැත්නම් විද්‍යාගාර බදබඩු විකුණන කඩවල් වල තියනවා Rs 350.ඊට පස්සේ  පොටි tray හරි කට පළල බෝතල් හරි ගන්න ඒවට අර සිලිකා පුරවල මේ පේන විදියට ඕගොල්ලන්ගේ උපකරණ රැකගන්න.මේ දවස් සීතල නිසා ෆන්ගස් අවොත් සුද්ද කරන්න Rs 4000 ඉඳල 8500 දක්වා යනවා සමහර විට lens එකේ මුල් ගුනත්වයත් ඒ එක්කම නැති වෙනවා.ෆන්ගස් හැදුන camera වකින් ගත්ත ෆොටෝ එකක් මුලින්ම ඇති.මේකට අඩු වියදමක් යන්නේ.   






22 May 2014

සී ද එස් කුලතිලක සමරමු


9 වන සැමරුම ***********
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි

උදයට පේළිය සැදිලා
එන සැටී රූබර අඟනෝ
කර වට ගෝමර මල් පිපිලා
ලැම පිට පවලන් පළඳා
බඳේ වැටෙන හිරු තාපය නොදැනෙයි
ළඳේ නුඹට තුරු සෙවනැලි හුරු නැත


හිස වට සේලය දවටාලා
ඉණ වට ඔසරිය ඇඳලා
කුඹුරට සීරුවේ බැසලා
තරගෙට සීපද රැව් දීලා
අගේ වඩන රුසිරෙන් සැදි නෙළුමට
රඟේ බලන් සැරසෙන සැටි කදිමට

ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය, ගී පද - සී. ද එස්. කුලතිලක


මේ ගීතය ගුවන් විදුලියේ සංගීත පර්යේෂණ අංශය වෙනුවෙන් රචනා කරලා සංගීතය සැපයුවේ සී ද එස් කුලතිලක මහතායි ඔහු අපේ ආයතනයේ සංගීත පර්යේෂණ අංශයට ආරම්භයේ පටන්ම මහගු සේවාවක් ඉටුකළ අයෙක් මේ ගීතය රස වින්දනයට හුරුකරන්න 9 ශ්‍රේණියේ චිත්‍ර ගුරු අත් පොතෙත් තියනවා කුලතිලකයනට උපහාර පුදන්නට ඔහුගේ වැඩසටහන කලේ තුෂාර බැද්දගේ (රෝහණ බැද්දගේ මහතාගේ දියණිය ) සමග මම. පස්සේ අන්තිමට වගේ සුනිල් අමරසිංහ අය්යට කියල කොහොම හරි කුලතිලකයන්ගේ කටහඩත් මේ වැඩසටහනට ඇතුල් කළා වැඩසටහන ලංකාවේ වේලාවෙන් 11.30 ට ස්වදේශීය සේවයෙන් 91.7 FM සහ 91.9FM වලින් ගුවන් ගන්නවා. අහල බලන්න අන්තර්ජාලයෙන් අහන්න මෙම දිගුවෙන් පුළුවන්
http://www.slbc.lk/

03 May 2014

පරගොඩ විහාරය - Paragoda Temple

ගම්පෙරලිය පළමු කෘතිය- 1944

 මම ඩික්කි කරත්තයෙන් එබී බැලුවේ මේ නාමල් සුවඳ ආවේ කොහෙන්දැයි කියා විපරම් කරන්නටය.
නාමල් සුවඳ තාමත් මගේ නැහැපුඬු ළඟය.

සුළඟේ පාවී ආ නාමල් පියල්ලක් නන්දාගේ ඔඩොක්කුවට වැටිණි. අනුලා එය ඩැහැ ගත්තාය.
බරට බර ගෙජ්ජි මාලයක් කරේ පැලඳගෙන සිටි සුදු පාට ගොන් දෙන්නා අං සොලවමින් හිස ගස්සන්නට වූහ.
උන්ගේ ගැස්සිල්ලට ඩික්කි කරත්තය සෙලවිණි.
මාතර හාමිනේ තලාඳය අල්ලා ගත්තේ කරත්තෙන් බිමට වැටේදෝයි බියෙනි.
"බහින්න.... බහින්න... නාමල් පූජාව පටන් අරගෙනත් ඇති..."
පියල්ගේ අම්මා කීවාය.


පියල්, බලදාස සහ තිස්සත් හිටියේ නා අරණේ සෙවණට වන්නටය. නන්දා නාමලින් බර වුණ පැසක් රැගෙන ගොස් ඔවුන් අතරට එක් වූවාය.
ගැල පරගොඩ විහාරයට ළඟා වූයේ අටට පමණය. තරු මෙන් බබළන නාමලින් නික්මෙන මිහිරි සුවඳ නිසා මාතර හාමිනේගේත්, පියල්ගේ මවගේත් නාමල් පිදීමේ ආසාව වැඩි විය.
නන්දාත් අනුලාත් ඉස්සර කරගත් අම්මලා දෙදෙනා තෙල්, මල්, හඳුන්කූරු, කපුරු රැගෙන දූලාගේ පස්සෙන් ගාටන්නට වූහ.


තිස්ස පියල් සහ බලදාස ආවේ ඔවුන්ටත් පස්සේය.
මම ඔවුන්ගේ පස්සෙන් ගෑටුයෙමි.


ගම් පෙරළියේ නන්දලා, අනුලලා, මාතර හාමිනේලා කයිසාරුවත්තේ මුහන්දරම්ලා පරගොඩ රජමහා විහාරය වන්දනාමාන කරන්නට එදා එසේ එන්නට ඇත.මගේ ඥාති  සහෝදරයාගේ නිවස ඉදිරිපිටද නා ගසක් තිබේ එහි නාමල් පුජා කරන්නට ඔහු අපව පරගොඩ එක්කගෙන ගියේය එදා ගම්පෙරළියේ කරත්ත වලින් ගිය ඔවුන් වෙනුවට අද අප  සුඛෝපබෝගී වාහන දෙකකින්  අධි වේගී මාර්ගයේ පැය එකහමාරකින් ඉමදුව පිවිසුමෙන් පරගොඩට ලගාවීමු.

         
 ඓතිහාසික වශයෙන් හා සෞන්දර්යෙන් චිත්‍රණය වූ පරගොඩ විහාරයේ  ආගමික අංගයෝ විනාශයට පත් වෙමින් පවතී. මෙම පුද බිම රැක ගැනීම අපගේ වගකීමකි.විහාරස්ථානයේ වැඩවසන විහාරවාසී නායක හිමියන් හා විහාරවාසී භික්‍ෂූන් වහන්සේලා විසින් ආගමික සංස්කෘතික නවෝදයක් සඳහා නිරතුරු කටයුතු සිදුකරලීම පැසසිය යුතු ක්‍රියාන්විතයකි.


දේවානම්පියතිස්ස රජු ශ්‍රී මහා බෝධියේ අංකුර තිස් දෙකක් රටපුරා රෝපණය කිරීමේ සාධු සම්මත මෙහෙවරට පිං සිදුවන්නට පරගොඩ විහාරය ඉදිවූ බව සඳහන් ය. මෙසේ බෝධියේ අංකුර රට පුරා රැගෙන යන අතරතුර පරගොඩ ගම්මානයට පැමිණ ඇති එම පරිස විඩාව සන්සිදුවා ගැනීම සඳහා බෝධි අංකුරය අසල තබා විවේක ගන්නට වූහ. පසුව දා මෙම පිරිස යළිත් ගමන් කිරීමට සුදානම් වන විට දැකිය හැකි වූයේ බෝධි අංකරය මුල් ඇද ඇති බව යි. ඒනිසා එම ස්ථානයේ බෝධි අංකුරය රෝපණය කිරීමට පියවර ගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. දුටුගැමුණු රජුගේ සහායට පැමිණි ඉන්දියානු භට සේනාවක් මෙම ගමෙහි ජීවත් වූ නිසා පරදේසක්කාරයන් ජීවත් වූ ප්‍රදේශය පරගොඩ වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. තව තවත් විවිධ වූ ජනප්‍රවාද රැසක්ද පරගොඩ ගම පිළිබඳව සඳහන් වේ. 

අනුරාධපුර යුගයට අයත් පරගොඩ විහාරයේ පෞරාණික බව කියාපාන සඳකඩපහණක් ද මෙහි දැකිය හැකිය .පැරණි දිය පිහිල්ල සඳකඩ පහණ අදට ද දැකිය හැකි ය. 

නමුත් මේ මෙම විහාර අංගයෝ අදවන විට විනාශයට පත්වෙමින් තිබේ. සිංහල බෝධි වංශයේ ද, නම් පොතෙහි ද සඳහන්ව ඇති මෙම ඓතිහාසික විහාරස්ථානයේ ඇති පිළිම, සිතුවම් ආදියද ලංකාවේ විහාරස්ථානයක දැකිය හැකි විශේෂිත නිර්මාණයන් ය. සිවිලිං - චිත්‍ර වලින් නව ග්‍රහයන් මෙන්ම ඡ්‍යොතිෂයට සම්බන්ධ සිද්ධීන් චිත්‍රනය වීමද විශේෂයකි.තවද මා පුදුමයට පත් කරවන සිතුවමක් එහි සිවිලිමේ සිත්තම් කර තිබිණි.ඒ මල් වැලක් ගත් කාන්තා නග්න රූපයකි නමුත් එහි මුහුණේ තිබුනේ බුදුරජාණන් වහන්සේගේ රුවයි පන්සලක විහාරගෙයක කාන්තා නග්න රූප දක්නට නොලැබේ. එහෙත් නිරුවත්  කාන්තාඋඩු කයකින් යුත් මෙවන් රුපයක් ඇන්දේ ඇයිද යන්න මා සිත තුල පැනයක් ඇති කරයි.



දෙවනපෑතිස්ස රජුගේ සෙනෙවියකු විසින් මුලින්ම පරගොඩ විහාරය සකස් කර ඇත්තේ කන්දක් උඩ ගල් කුළක දැවයෙන් බව සඳහන් ය. පසුව දැවෙන් කල විහාරය විනාශ වූ අතර ක්‍රි.ව. 876 දී පරගොඩ විහාරය නැවත සකස් කළ බව කියැවෙ යි.මෙහි නුවර යුගයට අයත් චිත්‍ර මෙන්ම අනුරාධපුර කලාකරුවන්ගේ හැකියාව ද එක්ව චිත්‍රණය වී ඇති ආකාරය දැකිය හැකි ය. පැරණි කුඩා චෛත්‍ය මත කඤ්චක චෛත්‍යය ඉදිකර ඇත. 

ඉපැරැණි දේවාලය අද පවා දේව බැතිමතුනගේ වන්දනීය පූජණීය තත්ත්වයට හේතුවී ඇත.  පරගොඩ විහාරයේ සූවිසි පිළිම වහන්සේලා දැකිය හැකි ය. දේවාලය ද විහාරයේ පිහිටා ඇත්තේ හරි අපූරු ආකාරයට විහාර ගෙය තුළ ය.විහාරයේ අද පවතින චිත්‍ර නුවර සහ අනුරාධපුර යුගයන් නියෝජනය කරයි. ඉපැරණි කුඩා චෛත්‍යය ආවරණය වන පරිදි නවතම චෛත්‍ය වූ කඤ්චක චෛත්‍ය ඉදිකර ඇත. නුවර යුගයේ රජවරුන් පරිත්‍යාග කළ ඉතා වටිනා සළු පිළි පටසිවුරු, මෙම විහාරස්ථානයේ ආරක්‍ෂිතව පවතී. පරගොඩ විහාරස්ථානයේ තවත් විශේෂත්වයක් වනුයේ සුවිසි පිළිම වහන්සේලා දැකිය හැකි වීමය. අප දකින්නේ වෙනත් විහාරස්ථානවල අටවිසි පිළිම වහන්සේලා ය.

නාගස් වන රොදෙන් සුවඳවත් වූ බෝධීන් වහන්සේ මහා අනුහස් ඇතැයි පැවසේ. කිසිදු දිනක කිසිදු මොහොතක අඩුවක් නොමැති පරගොඩ විහාරය බෝධි පූජා සඳහා පැමිණෙන සැදැහැවතුනගේ පිරිස ද ඉතාම ඉහළ ය. මේ ආකාරයේ ඉතා වැදගත් වූ පරගොඩ රජමහා විහාරය විනාශ වෙමින් පවතී. චිත්‍ර, පිළිමවහන්සේලා හා සොල්දර ද විහාරයේ වහලවල් ද දිරා බිත්ති ඉරිතලා ඇති අතර මෙම ඓතිහාසික පරගොඩ විහාරය රැක ගැනීම අනාගත පරපුරට උරුමකරදීම අපේ යුතුකමය. වගකීම ය.

17 February 2014

Mahinda Algama Went Away - මහින්ද අය්යා යන්න ගියා

වාසනාවට මම ඔහුව ගුවන් විදුලියේ රස්සාවට ආපු පළමු දවසෙම දැක්කා ඔහුව මට අඳුන්වල දුන්නේ නාලනී අක්කා.ඔහුව අවසන් වතාවට දැක්කේ ගිය පෙබරවාරි පළවෙනිදා ඔහුගේ අන්තිම වැඩ සටහන ඒක වෙන්න ඇති.ඔහු පටි ගත කිරීම් කලේ මැදිරි 9 මම එදා රාජකාරි කලේ මැදිරි 8..එදා ඔහු ටිකක් කලබලෙන් වගේ හිටියා එත් මම ගිහින් කතා කරලා ආවා.මම ඔහු සමග චක්‍රාවාටය සහ සමනල ලන්ද කියන වැඩසටහන් 2ක එක දිගටම මස 4ක් විතර කළා එතකොට පටිගත කිරීම් තිබුනේ A 1 මැදිරියේ පැටික්කෝ ටිකක් එක්ක 3ට විතර මහින්ද අය්යා එනවා ඊට පස්සේ 6 විතරවෙනකම් පටිගත කිරීම් කරනවා.මහින්ද අය්යාට ගුවන් විදුලියෙන් සම්මාන පිරිනැමුවා.ඔහු ෆොටෝ ගන්නවට අකමැති කෙනෙක් එත් එදා ඇවිත් මට මම එවකට වැඩකරපු මැදිරි 5 ට ඇවිත් "සඳරුවන් මට උපහාර උත්සවයේ ෆොටෝ ටිකක් අරගෙන දෙනවද" ඇහුවා කොහොම උනත් ඔහුගේ ෆොටෝ ටිකක් මම ගත්ත 2ක් ඔහු ගත්තා ඒ උත්සවය ලස්සණට තිබුන.ඔහු තෙල්දාපු කරවල කන්න ආසයි බොහෝ වෙලාවට ඔහු වජිර ඉන්දික මහතා ( පාලක නාට්‍ය අංශය ) සමග කන්න එනවා මමත් නාට්‍ය අංශයට අවුරුදු 5ක් විතර වැඩකරපු නිසා ඔහු සමග දවල් කම බීම බෙදාගෙන කන්න හිටියා.ටිකක් කෙන්තිගියත් ඔහු සද්ද බද්ද නැති නිහඬ කෙනෙක් ලියපු සින්දු තොගයම මදෑ.ඒ අතරෙන් මම කැමති "නිසයුරු මුතුලැල්"ගීතයට.මේ සටහන ඔහුට උපහාරයකට...හැමෝ ගාවම මහින්ද අය්යගේ ෆොටෝ ඇති එත් මේ මට එයා දීපු ෆොටෝ සමහර විට කාගේ ගාවවත් නැතුව ඇති.-----සටහන ඉවර නෑ